Solar Homes වැඩසටහන යනු කුමක්ද
Solar Homes වැඩසටහන යනු වික්ටෝරියානු නිවැසියන්ට ඔවුන්ගේ බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල ඉතිරි කර ගැනීමට උපකාර කිරීම සඳහා වට්ටම් සහ පොලී රහිත ණය ලබා දෙන වික්ටෝරියානු රජයේ වැඩසටහනකි.
ඔබ සුදුසුකම් ලබන්නේ නම්, ඔබට පහත දැක්වෙන දේ වෙනුවන් ගෙවීමට උපකාරී වන මුදල් (වට්ටමක්) ලබා ගත හැකිය:
- Solar Homes (PV) පද්ධතියක් සහ/හෝ
- බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කෙරෙන උණු වතුර පද්ධතියක්.
ඔබේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම මගින් ඔබේ විදුලි පිරිවැය අඩු කර ගත හැකිය.
ගුණාත්මක තාප පොම්ප උණු වතුර පද්ධතියක් මගින් ගෑස්වලින් ක්‍රියාත්මක වන උණු වතුර පද්ධතියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ද බලශක්ති පිරිවැය අඛණ්ඩව අඩුකර ගත හැකිය.
වට්ටම් සහ අයදුම් කරන ආකාරය
1 වැනි පියවර: ඔබේ සුදුසුකම් පරීක්ෂා කරන්න
සූර්ය පැනල (PV) වට්ටම - ඩොලර් 1,400 ක් දක්වා
සුදුසුකම් ලත් නේවාසිකයන්ට සූර්ය පැනල (PV) ස්ථාපනය කිරීමේ පිරිවැය සඳහා ඩොලර් 1,400 ක් දක්වා වට්ටමක් ලබා ගත හැකිය. සූර්ය පැනල (PV) වට්ටම ඉදිකිරීම් යටතේ පවතින නිවාස සඳහා ද ලබා ගත හැකිය.
අනුමත කරන ලද අයදුම්කරුවන්ට පොලී රහිත ණය ලබා ගත හැකිය.
සූර්ය පැනල (PV) වට්ටමක් සඳහා ඔබට සුදුසුකම් ලැබිය හැක්කේ:
- දැනට ඔබට හිමි දේපලක් තිබේ නම් සහ ඔබ එහි ජීවත් වන්නේ නම්, හෝ සූර්ය පැනල පද්ධතිය ඔබට හිමි දැනට ඉදිවෙමින් පවතින නිවසක ස්ථාපනය කරනු ලබන්නේ නම්
- සියලුම හිමිකරුවන්ගේ ඒකාබද්ධ ගෘහස්ථ බදුගත ආදායම වසරකට ඩොලර් 210,000 ට වඩා අඩු නම්
- දේපලෙහි වටිනාකම ඩොලර් මිලියන 3 ට අඩු නම්, හෝ (ඉදිවෙමින් පවතින නිවාස සඳහා) ඉදි කිරීම අවසන් වන විට වටිනාකම ඩොලර් මිලියන 3 ට අඩු නම්
- දේපලෙහි ලිපිනයට Solar Homes වැඩසටහන යටතේ සූර්ය පැනල (PV) වට්ටමක් හෝ සූර්ය බැටරි වට්ටමක් ලැබී නොමැති නම්
- පසුගිය වසර 10 තුළ දේපළෙහි සූර්ය පැනල (PV) පද්ධතියක් ස්ථාපනය කර නොමැති නම්.
කුලී දේපල සඳහා සූර්ය පැනල (PV) වට්ටම - ඩොලර් 1,400 ක් දක්වා
සුදුසුකම් ලත් කුලී දේපල සැපයුම්කරුවන්ට සූර්ය පැනල (PV) ස්ථාපනය කිරීමේ පිරිවැය සඳහා ඩොලර් 1,400 ක් දක්වා වට්ටමක් ලබා ගත හැකිය. එක් මූල්‍ය වර්ෂයක දී, කුලී දේපල දෙකක් දක්වා මෙම වට්ටම ලබා ගත හැකිය.
අනුමත කරන ලද අයදුම්කරුවන්ට පොලී රහිත ණය ලබා ගත හැකිය.
ඔබේ කුලී දේපල සඳහා සූර්ය පැනල (PV) වට්ටමක් සඳහා ඔබට සුදුසුකම් ලැබිය හැක්කේ:
- කුලී නිවැසියන්ට වසරකට ඩොලර් 210,000 ට අඩු ඒකාබද්ධ ගෘහස්ථ බදුගත ආදායමක් තිබේ නම්
- වත්මන් මූල්‍ය වර්ෂය තුළ කුලී දේපලක් සඳහා ඔබට වට්ටම් දෙකකට වඩා ලැබී නොමැති නම්
- දේපලෙහි වටිනාකම ඩොලර් මිලියන 3 ට අඩු නම්
- දේපලෙහි ලිපිනයට මීට පෙර Solar Homes වැඩසටහන යටතේ සූර්ය පැනල (PV) වට්ටමක් හෝ සූර්ය බැටරි වට්ටමක් ලැබී නොමැති නම්
- පසුගිය වසර දහය තුළ දේපළෙහි සූර්ය පැනල (PV) පද්ධතියක් ස්ථාපනය කර නොමැති නම්
- කුලී දේපල සැපයුම්කරු සහ සියලුම කුලී නිවැසියන් අතර Solar Homes වැඩසටහන් ගිවිසුමක් අත්සන් කර ඇත්නම්
- දේපල දැනට කුලියට දී ඇති අතර ඒ සඳහා කුලී ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ නම්.
උණු වතුර සඳහා වට්ටම - ඩොලර් 1,400 ක් දක්වා (සුදුසුකම් ලත් දේශීයව සාදන ලද නිෂ්පාදීත සඳහා)
සුදුසුකම් ලත් නේවාසිකයන්ට උණු වතුර සඳහා වට්ටමක් ලබා ගත හැකිය:
- තාප පොම්පයක් හෝ සූර්ය බලශක්ති උණු වතුර නිෂ්පාදිතයක් සඳහා ඩොලර් 1,000 ක් දක්වා, හෝ
- සුදුසුකම් ලත් දේශීයව සාදන ලද උණු වතුර නිෂ්පාදනයක් සඳහා ඩොලර් 1,400 ක් දක්වා.
Victorian Energy Upgrades [වික්ටෝරියානු බලශක්ති උත්ශ්‍රේණි කිරීම්] (VEU) ආශ්‍රිත උණු වතුර වට්ටමක් සමග ඔබට පෙර වියදම් තවදුරටත් අඩු කර ගත හැකිය. ඔබේ සිල්ලර වෙළෙන්දා VEU අනුමැතිය ලත් සැපයුම්කරුවෙකු දැයි ඔවුන්ගෙන් විමසන්න.
උණු වතුර සඳහා වට්ටමකට ඔබට සුදුසුකම් ලැබිය හැක්කේ:
- පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිත දැනට පවතින දේපලක ඔබ හිමිකරු වන අතර ඔබ එහි ජීවත් වන්නේ නම්
- සියලුම හිමිකරුවන්ගේ ඒකාබද්ධ ගෘහස්ථ බදුගත ආදායම වසරකට ඩොලර් 210,000 ට වඩා අඩු නම්
- දේපලෙහි වටිනාකම ඩොලර් මිලියන 3 ට අඩු නම්
- දේපල ලිපිනයට මීට පෙර Solar Homes වැඩසටහන යටතේ උණු වතුර සඳහා වට්ටමක් හෝ සූර්ය බැටරි වට්ටමක් ලැබී නොමැති නම්
- ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත උණු වතුර පද්ධතිය, එය මිලදී ගත් දින සිට අවම වශයෙන් අවුරුදු තුනක් වත් පරණ නම්.
ඔබේ දේපළ සඳහා මීට පෙර Solar Homes වැඩසටහන් වට්ටමක් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමට:
- කාර්ය වේලාවන් තුළ 1300 376 393, හෝ
- 131 450 ඔස්සේ National Translating and Interpreting Service [ජාතික පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව] නොමිලේ අමතන්න.
2 වැනි පියවර: මිල සඳහන් කිරීමක් ලබා ගන්න
Solar Victoria විසින් අනුමත කරන ලද වෙළෙන්දෙකු අමතා ඔබට Solar Homes වැඩසටහන යටතේ වට්ටමක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය බව ඔවුන්ට පවසන්න. Find an authorised retailer [අනුමත කරන ලද සිල්ලර වෙළෙන්දෙකු සෙවීම] වෙතින් ඔබට ඔවුන්ගේ විස්තර සොයාගත හැකිය.
ඔබ තෝරා ගන්නා නිෂ්පාදිතය Solar Victoria බලශක්ති වික්ටෝරියා නිෂ්පාදිත ලැයිස්තුවේ ලැයිස්තුගත විය යුතුය.
ඔබේ නිවස ඉදිවෙමින් පවතී නම්, සැලසුම් අවධිය ආරම්භයේ දී ඔබේ ගොඩනැගිලිකරුවා සමග කතා කරන්න. ඉදිකිරීම් අතරතුර ස්ථාපනය සිදු කිරීම සඳහා ඔබේ ගොඩනැගිලිකරුවාගේ කැමැත්ත අවශ්‍ය වනු ඇත.
උණු වතුර පද්ධතියක් සඳහා ඔබට මිල සඳහන් කිරීමක් ලැබෙන්නේ නම්, සිල්ලර වෙළෙන්දා Victorian Energy Upgrades (VEU) වැඩසටහන සමග ලියාපදිංචි වී ඇති බවට වග බලා ගන්න. එවිට VEU උණු වතුර වට්ටම ද ලබාගත හැකිය.
3 වැනි පියවර: ඔබේ වට්ටම සඳහා අයදුම් කරන්න
අනුමත කරන ලද සිල්ලර වෙළෙන්දෙක් ලබාදුන් මිල සදහන් කිරීමක් පිළිගත් පසු, Service Victoria හි පාරිභෝගික පෝටලය හරහා මාර්ගගතව අයදුම් කිරීම සඳහා ඔබට සබැඳියක් ලැබෙනු ඇත.
ඔබේ සිල්ලර වෙළෙන්දා:
- ඔබ වෙනුවෙන් වට්ටම හෝ ණය මුදල ඉල්ලා සිටිනු ඇත, නැතහොත්
- ඔබේ පද්ධතියේ සහ ස්ථාපනයේ මුළු පිරිවැයෙන් එම මුදල අඩු කර ගනු ඇත.
ස්ථාපනය කිරීමෙන් පසු ඔබ විසින් ඉතිරි මුදල ඔබේ සිල්ලර වෙළෙන්දාට ගෙවනු ඇත.
අපගේ apply page වෙතින් වැඩි විස්තර සොයා ගන්න.
ඔබට ප්‍රශ්න ඇත්නම් අප අමතන්න
ඔබගේ භාෂාවෙන් කතා කිරීම සඳහා, 131 450 ඔස්සේ ජාතික පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව නොමිලේ අමතන්න.
ඉංග්‍රීසි භාෂාවෙන් අප සමග කතා කිරීමට, සඳුදා සිට සිකුරාදා දිනවල පෙ.ව. 9:00 - ප.ව. 5:00 දක්වා (රජයේ නිවාඩු දින හැර) 1300 376 393 අමතන්න.
වෙනත් සම්බන්ධතා විකල්ප සඳහා, contact us වෙත පිවිසෙන්න.
බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා වෙනත් උදව්
පහත දැක්වෙන වෙනත් රජයේ වැඩසටහන් මගින් බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල ඉතිරි කර ගැනීමට ඔබට උපකාරී විය හැකිය:
Updated


